කොළඹ වරායේ නව පර්යන්තය විවෘත කෙරේ - සේයාරූ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 5 සඳුදා - 14:27 GMT

sri_lanka_port

  • කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය
    කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය විවෘත කිරීමත් සමගම වඩා විශාල නෞකාවලටද වරායට ඇතුළු වීමේ අවස්ථාව සැලසේ
  • ජනාධිපති මහින්ද රාජපක්ෂ නව දියකඩනය විවෘත කරමින්
    නව දියකඩනය සහ පළමු පර්යන්තය විවෘත කරනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්
  • කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය
    මෙය ඩොලර් බිලියන දෙකයි දශම පහක වියදමින් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක පළමු අදියරයි
  • කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය
    ව්‍යාපෘතියේ වියදමින් සියයට අසූ පහක්ම දරනු ලබන්නේ චීනය විසින්
  •  වරායට ලඟා වූ පළමු නෞකාව
    නව වරාය විවෘත කරනු ලැබීමෙන් අනතුරුව වරායට ලඟා වූ පළමු නෞකාව
  • කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය
    මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ බලපෑම උත්සන්න වෙමින් පවතින බවට ප්‍රබල අවධානය පළ වෙමින් තිබෙන මොහොතක

කොළඹ වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය විවෘත කිරීමත් සමගම වඩා විශාල නෞකාවලටද වරායට ඇතුළු වීමේ අවස්ථාව සැලසෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ඩොලර් බිලියන දෙකයි දශම පහක වියදමින් ඉදිකෙරුණ, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක පළමු අදියර වන නව දියකඩනය සහ පළමු පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදි.

2011 දෙසැම්බර් මස 16 දා ඇරඹි වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් සමඟ කොළඹ වරාය ලොව විශාලතම බහාලුම් නෞකාවන් හැසිරවිය හැකි නව මෙහෙයුම් මැදිරියකින්ද සමන්විත වන අතර ආනයන හා අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද මේ මඟින් හැකිවන බව ආණ්ඩුව පවසයි.

ව්‍යාපෘතියේ වියදමින් සියයට අසූ පහක්ම දරනු ලබන්නේ චීනය වන අතර, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි චීනයේ බලපෑම උත්සන්න වෙමින් පවතින බවට ඉන්දියාවේ අවධානය පළ වී තිබෙන මොහොතක.

කිසිම විදේශ රටක හමුදා කටයුතු වෙනුවෙන් නව පර්යන්තය යොදා ගැනීමට අවසර නොදෙන බවයි, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ආණ්ඩුව පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.