උද්ඝෝෂණය මර්ධනය කළේ කන්ටේනර් තුනක් පිටත් කර හැරීමට - වික්‍රමබාහු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 3 සෙනසුරාදා - 15:16 GMT

හදිසියේම යුද හමුදාව යොදවා වැලිවේරියේ ජනතා උද්ඝෝෂණය මර්ධනය කළේ කර්මාන්තශාලාවේ සිට පිටරට යැවීම සදහා වූ භාණ්ඩ රැගත් කන්ටේනර් තුනක් පිටත් කර හැරීම සඳහා බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.

අත් වැසුම් කර්මානත ආයතනය වසා දමා ජලය අපවිත්‍රවීමට අදාළව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට සූදානම්ව තිබියදී මේ පහරදීම සිදු කොට ඇති බවයි ඔහු පැවසුවේ.

ඊයේ යුද හමුදා ප්‍රහාරයෙන් පීඩාවට පත් වැලිවේරියේ ජනතාව මුණ ගැසුණු ඔහු පැවසුවේ ජනතාව මේ සිද්ධියෙන් පසුව බිය ගැන්වී සිටින බවයි.

කන්ටේනර් තුනක්

“හමුදාව ගෙන්නල, වෙඩි තියල මරල බිහිසුණු ලෙස මේක මර්ධනය කරමින් මිනිසුන්ව එළවා දාන්න කටයුතු කළා. ඒකට හේතුව එතනින් කන්ටෙනර් තුනක් එලියට අරන් ඒවා පිටරට අරින්න තියෙන නිසා,” ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේය.

දෙදනකු මියගොස් තවත් කිහිප දෙනකු රෝහලේ මරණාසන්නව තබා ගෙන සිටින බවට තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

පරිසරය හෝ ප්‍රමීතීන් ගැන හෝ සැලකිල්ලක් නොදක්වා එම අත් වැසුම් කම්හල ආරම්භ කොට ඇති බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජලයට ඇසිඩ් මුසුවී බීමට ගැනීමට නොහැකි ලෙස අපවිත්‍ර වී ඇති බව ජනතාව පවසන බව සඳහන් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.