දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුවට විසඳන්න බෑ - දෙජාස

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 15 සඳුදා - 17:13 GMT
CV Vigneshwaran with R Sambandan

'උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන්'

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු විසඳීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා පවසයි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් උතුරේ පළමු පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරන බව කොළඹට රැස්වූ දමිළ ජාතික සන්ධානයේ පක්ෂ පහම නියෝජනය කරන සම්බන්ධීකරණ කමිටුව දැනුම් දුන්නේය.

එම නිවේදනයෙන් අනතුරුව බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ නව මහ ඇමති අපේක්ෂකයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එක් වී උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඵලදායී කටයුත්තක් නොවන බවයි.

විදේශීය නිරීක්ෂකයන්

උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන් සිටින බව පවසන සීවී විග්නේශ්වරන් හිටපු විනිසුරුවරයා, එවැනි තත්වයක් යටතේ මැතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයන් කැඳවන මෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩුවෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද පවසයි.

"ආණ්ඩුව ඒකට එකඟත්වයක් පෙන්නන්නේ නැත්නම් අපි මොකක්ද කරන්නේ කියල අපි කතා කරලා බලන්න ඕනේ," ඔහු පැවසීය.

තමන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන බව අවධාරණය කරන ඔහු කෙසේ නමුත් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමළ ජාතික සන්ධානය බැවින් එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණ කළ බව ද සංදේශයට පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.