තමිල්නාඩුවේ උද්ඝෝෂණය කළ 400 ක් අත් අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජුනි 18 අඟහරුවාදා - 17:30 GMT
A protest against Sri Lanka officers in Kunnoor (file photo)

ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් ආපසු යවන තුරු උද්ඝෝෂණය නොනවත්වන බව උද්ඝෝෂකයෝ පවසති

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ වේදනාව සම්බන්ධයෙන් සංවේදී නොවන බවට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් නිල්ග්‍රිස් දිස්ත්‍රික්කයේ කුන්නූර් නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි හාරසියයකට ආසන්න පිරිසක් තමිල්නාඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩුවේ වෙලිංටන් ආරක්ෂක ඇකඩමියේ පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනකු ආපසු යවන බවට දුන් පොරොන්දුව ඉටු නොකළ බවට උද්ඝෝෂකයෝ බලධාරීන්ට චෝදනා කළහ.

දේශපාලන පක්ෂ සහ දෙමළ සංවිධාන නියෝජනය කරමින් සිය ගණනක පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

පිරිසක් අත් අඩංගුවට පත් වූ නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ආපසු යවන තුරු සිය උද්ඝෝෂණය නොනවත්වන බව උද්ඝෝෂකයෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.