මුල් අයිති කරුවන්ට ඉඩම් යලි භාරදීම 'සලකා බලනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 27 සඳුදා - 16:24 GMT
Ravinatha Aryasinghe at UNHRC

පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයිද ආණ්ඩුව පවසයි

පලාලි ඇතුළු හමුදා කඳවුරු වල සිටින භට සේනා වෙනත් තැන් වලට ගෙන ගොස් මුල් අයිති කරුවන් සිය ජන්ම භුමියේ පදිංචි කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් කළ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයි දැනුම් දුන්නේය.

ඉඩම් අහිමි වන්නන් වෙනුවෙන් වන්දි සහ යාබද ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දෙන බවද සඳුදා ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි තුන් වැනි සැසි වාරය අමතමින් ඔහු කියා සිටියේය.

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ සියලුම දෙනා මුළුමනින්ම පදිංචි කරවා හමාර බවත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේය.

ඉකුත් වසරේ සැප්තැම්බරය වනවිට යුද අනාථයන් අතුරින් අවසාන කණ්ඩායම මුලතිව් හි යළි පදිංචි කරවූ අතර විසි හතර දහසකට අධික පිරිසක් අනුග්‍රාහක නිවාස වලට ගොස් ඇති බවයි රවිනාථ ආර්යසිහ ප්‍රකාශ කළේ.

ඒ අනුව සමාජගත කොට ඇති මුළු පිරිස 295,873 ක් බවද, ශ්‍රී ලංකා දුත මණ්ඩලයේ ප්‍රධානී ආරියසිංහ මානව හිමිකම් මණ්ඩලය ට දැනුම් දුන්නේය.

යුද්ධය හමාර වූ බව රජය විසින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ වර්ග කිලෝමීටර දෙදහසකට වැඩි භුමි ප්‍රමාණයක වලලා තිබු බිම් බෝම්බ දැන් ඇත්තේ වර්ග කිලෝ මීටර සියයකටත් අඩු ඉඩක යැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.