කන්තලේ වන රක්ෂිතයේ විශාල පාරිසරික විනාශයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 27 බදාදා - 13:33 GMT

කන්තලේ වන රක්ෂිතය හා නාවික වැඩ බිම අභය භූමිය තුල පවත්වා ගෙන යන අනවසර හා නීති විරෝධී ගල්කොරි හේතුවෙන් විශාල පාරිසරික විනාශයක් සිදුවන බව පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

ගල්කොරි 30 ක් පමණ මේ වන විට පවත්වා ගෙන යන බවයි පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ.

හෙක්ටයාර 46664 ක් වන කන්තලේ වන රක්ෂිතය හා හෙක්ටයාර 18130 ක් වන නාවික වැඩ බිම අභය භූමිය යන වනාන්තර පද්ධතිය හබරණ, රිටිගල, ගලෙන්බිඳුණු වැව හා ත්‍රිකුණාමලය යන විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති කඳු වැටී ගණනාවකින් සමන්විත වෙයි

මේ වනාන්තර පද්ධතියේ තැනින් තැන අනවසරයෙන් හා නීති විරෝධී ලෙස ගල්කොරි පවත්වාගෙන යන බවය පරිසර සංරක්ෂණ භාරය පවසනවා.

2009 වසරේදී නාවික වැඩ බිම අභය භුමියේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගල්කොරි ඉවත් කිරීම වෙනුවට, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කොට ඇත්තේ, අභය භූමියේ මායිම් සංශෝධනය කොට එම ගල් කොරි එලෙසම පවත්වා ගෙන යාමට ඉඩ සැලසීම බවයි පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.