මුස්ලිම් හර්තාලයට 'පොලීසියෙන් තර්ජන'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 24 ඉරිදා - 17:52 GMT
Muslim people in Sri Lanka

රට පුරා මතුවෙමින් තිබෙන මුස්ලිම් විරෝධය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දියත් වන්නක් බවට මේ තර්ජනය කදිම සාක්ෂියක් බව ක්‍රියාධරයෝ පවසති

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන තාඩන පීඩන සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව අපොහොසත්වීමට විරෝධය පළ කරමින් සඳුදා පැවැත්වීමට නියමිත හර්තාලය නතර කරන මෙන් පොලීසිය තර්ජනය කරන බව ක්‍රියාධරයෝ පවසති.

කිසියම් ලෙසකින් හර්තාලයට සහාය දක්වමින් සිය කඩ සාප්පු වසා දැමුවහොත්, ඔවුන්ට යලිත් කිසි දින එම කඩ සාප්පු විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි පවසමින් පොලීසිය තර්ජනය කොට තිබෙන බවයි, එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් බීබීසී සංදේශයට කියා සිටියේ.

රාජ්‍ය බලය යොදා ගෙන මුස්ලිම් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවට චෝදනා කරන ඔහු, රට පුරා මතුවෙමින් තිබෙන මුස්ලිම් විරෝධය ආණ්ඩුවේ අනුග්‍රහයෙන් දියත් වන්නක් බවට මෙය කදිම සාක්ෂියක් බව ද ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සංදේශයට කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට පොලීසියට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ ප්‍රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මෙම සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව එල්ල වෙමින් තිබෙන තර්ජන දැඩිව හෙලා දකින බව පවසති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.