එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සැර බාල කළේ නෑ - ඇමෙරිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 16:49 GMT
Ass Sec of State Robert Blake

ටීඑන්ඒ සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර යලි සාකච්ඡා ආරම්භ කිරීම පිණිස ඕනෑම තුන්වැනි පාර්ශවයක් මැදිහත් වන්නේ නම්, එයට සිය සහාය හිමිවන බව එක්සත් ජනපදය පවසයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව මුලින්ම ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කෙටුම්පතේ "සැර බාල කොට" තිබූ බවට මානව හිමිකම් සංවිධාන එල්ල කරන චෝදනාව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි.

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සාධනීය පියවර ගත යුතු බව යෝජනාවේ අන්තර්ගතය බව ද එක්සත් ජනපදය අවධාරණය කරයි.

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක් ඒ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා සම්මත කළ යෝජනාව පිළිබඳව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

යුධ අපරාධ චෝදනා

දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමට සහාය දෙනවා

ටීඑන්ඒ සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර යලි සාකච්ඡා ආරම්භ කිරීම පිණිස දකුණු අප්‍රිකාව හෝ ඕනෑම තුන්වැනි පාර්ශවයක් මැදිහත් වන්නේ නම්, ඒ සඳහා සිය සහාය හිමිවන බව එක්සත් ජනපදය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

තිරසාර සාමයක් සහ සෞභාග්‍යය උදා කර ගැනීම් වස් ජාතීන් අතර සංහිඳියාව උදාකිරීම සහ යුධ අපරාධ චෝදනා ලත් අයට දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන් විසින් අවධාරණය කොට ඇති බවයි, සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ.

යෝජනාව ප්‍රකාර කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ප්‍රජාව ගන්නා පියවර කවරේදැයි කළ විමසීමට පිළිතුරු දුන් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ, සිය අනාගත ක්‍රියාදාමයන් පිළිබඳව මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

පොරොන්දු වූ ප්‍රකාර ලබන සැප්තැම්බර් මාසයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වා, දෙමළ ජාතික සන්ධානය සමඟ බලය බෙදීම සම්බන්ධ සාකච්ඡා යලි ආරම්භ කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.

දකුණු අප්‍රිකාවේ මැදිහත්වීම

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර යලි සාකච්ඡා ආරම්භ කිරීම පිණිස දකුණු අප්‍රිකාව හෝ ඕනෑම තුන්වැනි පාර්ශවයක් මැදිහත් වන්නේ නම්, එයට සිය සහාය හිමිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා සම්මත කළ යෝජනාව තවත් දැඩි කිරීම පිණිස ඉන්දියාව අවසාන මොහොතේ දැරූ උත්සාහය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය පළ නොවූ බව මේ අතර හින්දු පත්‍රය වාර්තා කරයි.

එම වාර්තාව සත්‍යද අසත්‍ය ද යන්න පිළිබඳව කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කළ සහකාර රාජ්‍ය ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉදිරිපත් කිරීමේ සමස්ත ක්‍රියාදාමය තුළ ඇමරිකාව ඉන්දියාව සමඟ සමීපව කටයුතු කළ බවත්, ඉන්දියාව ඉදිරිපත් කළ ඇතැම් සංශෝධනවලට සිය සහාය පළ වූ බවත් සංදේශයට පැවසීය.

සහකාර රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවේ තවත් කොටසක් ලබන ඉරිදා බලාපොරොත්තු වන්න.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.