බංග්ලාදේශයේ ජනාධිපති සිල්ලූර් රහ්මාන් අභාවප්‍රාප්ත වේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 20 බදාදා - 13:13 GMT
President Zillur Rahman

අසූ පස් වැනි වියේ පසු වුන ජනාධිපති රහ්මාන් බංග්ලාදේශයේ පාලක අවාමි සංගමයේ ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙක්

බංග්ලාදේශයේ ජනාධිපති සිල්ලූර් රහ්මාන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කෙරිණ.

ශ්වසන ආබාධයෙන් පෙළුන ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහුගේ අභාවය සිදුවුනේ.

මියයන විට අසූ පස් වැනි වියේ පසු වුන ජනාධිපති රහ්මාන් බංග්ලාදේශයේ පාලක අවාමි සංගමයේ ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙක්.

බංග්ලාදේශ් ආණ්ඩුක්‍රමය තුළ ජනාධිපති පදවිය ගරු කටයුතු ආයතනයක් පමණයි.

එම ආණ්ඩු ක්‍රමය තුළ විධායක බලතල හිමිවන්නේ අගමැති පදවියටයි.

අවාමි සංගමය 2008 මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් අනතුරුවයි සිල්ලූර් රහ්මාන් ජනාධිපති පදවියට පත් කෙරුණේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.