උතුරේ කාන්තාවන්ගේ ඉරණම 'දරුණු ඛේදවාචකයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 1 සිකුරාදා - 13:31 GMT
Women in north in a protest (file photo)

උතුරු නැගෙනහිර දෙමළ කාන්තාවන්ගේ ඉරණම "දරුණු ඛේදවාචකයක්" බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ අදහසයි

උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ කාන්තාවන් එදිනෙදා මුහුණ දෙමින් සිටින අතවර සහ ගැටළු "දරුණු ඛේදවාචකයක්" බව දකුණේ කාන්තා හිමිකම් සංවිධානයක් පවසයි.

මේ ඛේදවාචකය වෙනස් කිරීම සඳහා උතුරේ සංවිධාන සමඟ එක්ව සටන් කිරීම දකුණේ සංවිධානවල වගකීමක් බවයි, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසන්නේ.

උතුරේ කාන්තාවන්ගේ මේ ඉරණම උතුරේ ප්‍රශ්නයක් නොව සමස්ත ලාංකීය සමාජය හා සම්බන්ධ ගැටලුවක් බව ලාංකීය සමාජයට ඒත්තු ගැන්වීමේ අවශ්‍යතාවය ද එම සංවිධානය අවධාරණය කරයි.

'නරුමවාදයක් සහිත සමාජයක්'

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල ඒ බව ප්‍රකාශ කළේ ජගත් කාන්තා දිනයේදී දියත් කිරීමට සැරසෙන වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් දැනුවත් කරමින්.

දරිද්‍රතාව සහ හිංසනය ශ්‍රී ලංකාවේ කාන්තාව මුහුණ දෙන බරපතලම ගැටළු බව පවසන එම සංවිධානය "ආදරය උපදින සමාජයක්" යන තේමාව මුල් කරගෙන මේ වසරේ කාන්තා දිනය සමරන බව ද සඳහන් කරයි.

ආශ්චර්යමත් සමාජයක් ගොඩ නගන බවට ප්‍රතිඥා දෙන පාලකයන් සිටින ශ්‍රී ලංකාවේ සැබවින්ම මතුවෙමින් පවතින්නේ "නරුමවාදයක් සහිත සමාජයක්" බව දිමුතු ආටිගලගේ මතයයි.

නරුමවාදය වෙනුවට මානවවාදයක් ගොඩ නැගිය යුතුයි යුතුයි යන්න පෙරදැරි කරගෙන ජගත් කාන්තා දිනයේදී ව්‍යාපාරයක් දියත් කරන බවයි, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.