
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාදාමයට නීතිවේදීහු බහුතරයක් ප්‍රසිද්ධියේ විරෝධය පළ කළහ
තමන් සහ තම පවුලේ සාමාජිකයන් පසුපස හඹා එන්නේ රාජ්‍ය බුද්ධි අංශය යයි තමන් බලවත් සේ විශ්වාස කරන බව තර්ජනවලට ලක්ව සිටින මානව හිමිකම් නීතිවේදියෙක් පවසයි.
තම නිවස සහ ඒ අවට දින කීපයක් තිස්සේ තර්ජනාත්මක ලෙසින් පිරිස් ගැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලක්ෂාන් ඩයස් නීතිඥ වරයා බීබීසී සංදේශයට කියා සිටියේ තමන් පසුපස ඒම ප්‍රශ්නයක්
කර නොගන්නා මෙන් අද උදෑසන රාජ්‍ය බුද්ධි අංශයේ සාමාජිකයෙක් දුරකතනයෙන් අමතා දැනුම් දුන් බවයි.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාදාමයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ ලක්ෂාන් ඩයස් නීතිවේදියාට එරෙහිව එල්ල වී තිබෙන මරණ තර්ජන පිළිබඳව නීතිවේදීහු සහ මානව හිමිකම් සංවිධාන බරපතල අවධානය පළ කරති.
පසුගිය පෙබරවාරි 22 වැනිදා සිට පෙබරවාරි 26 වැනි දින දක්වා කාලය ඇතුලත සුදු වෑන්වලින් සහ යතුරු පැදිවලින් පැමිණි පිරිසක් මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස් නිවස අසල සැක සහිත ගැවසී ඇති බවත් ඒ අතරින් සමහරුන් නීතිවේදියා පිළිබඳව ඔහුගේ බිරිඳගෙන් සහ අසල්වැසියන් ගෙන් තොරතුරු විමසා ඇති බවත් එන්එෆ්ආර් හෙවත් අයිතීන් සඳහා එකමුතුව සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
එසේ පැමිණි එක් පුද්ගලයෙකු තමන් පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසින් හඳුන්වා දුන්නද එවැනි පොලිස් පරීක්ෂකවරයෙකු පිළිබඳව තමන් නොදන්නා බව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් නීතිවේදී ලක්ෂාන් ඩයස් ට දැනුම් දී ඇති බවත් අයිතීන් සඳහා එකමුතුව පවසයි.
විරුද්ධ මතවලට ගරු කිරීම සහ එවැනි මත දරන්නන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැඳී සිටින බව පවසන නීතිවේදීන්ගේ එකමුතුව, නීතිවේදී ලක්ෂාන් ඩයස් ට එරෙහි තර්ජන පිළිබඳව පරීක්ෂණ පවත්වන මෙන් සහ දෝෂාභියෝගයට එරෙහිවූ නීතිවේදීන්ට එල්ලවන තර්ජන වැළැක්වීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.








