
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සුන්දරලිංගම් කේතීස්වරන් තංගල්ල ගෙන ගොස් තිබෙන්නේ නඩු විභාගයට මුහුණ දීම සඳහායි
කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූ දෙමළ ජාතික සිරකරුවකු තුවාල ලබා රෝහල් ගත කොට සිටින බව බලධාරීහු පවසති.
22 හැවිරිදි සුන්දරලිංගම් කේතීස්වරන් දැන් රෝහල්ගතව සිටින සිටින බව බන්ධනාගාර අමාත්‍යංශයේ උපදේශක එම් එස් සතිස් කුමාර් බීබීසී සංදේශයට පැවසීය.
හම්බන්තොට අධිකරණයේ පැවති නඩු විභාගයක් සඳහා රැගෙන යනු ලැබූ සිරකරු නඩු විභාගයෙන් අනතුරුව යලි මැගසින් බන්ධනාගාරයට කැඳවා යනු පිණිස තංගල්ල බන්ධනාගාරයේ රැඳී සිටියදී එහි පැමිණි බන්ධනාගාර නියාමකයකු ඔහුට "ම්ලේච්ඡ අන්දමින්" පහර දී ඇති බව සිවිල් අධීක්ෂණ කමිටුවේ ප්‍රධානී මනෝ ගනේෂන් සංදේශයට කියා සිටියේය.
සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ පහරදීමෙන් අනතුරුව සිරකරුවාගේ ඔලුවේ සහ පපුවේ බරපතල තුවාල තිබෙන බව ද ඔහු පැවසීය.
යුද්ධය සමයේ එල්ටීටීඊයට සහාය දීමේ චෝදනාව යටතේ සුන්දරලිංගම් කේතීස්වරන්ට නඩු පවරනු ලැබ තිබේ.
රෝහල් ගත කොට සිටින සිය සේවාදායකයා හමුවීමට තමන්ට අවසර නොලැබුණු බව ඔහුගේ නීතිවේදීහු මේ අතර පවසති.








