පාසල් සිසුන් ගෙන් මුදල් එකතු කිරීම 'දූෂණයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 22 සිකුරාදා - 12:50 GMT
Sri Lanka school children

පාසල්වල දූෂණවලට ප්‍රධානම හේතුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි

ආණ්ඩුවේ පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් මුදල් එකතු කිරීම දූෂණයක් බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

මෙය අද මහා පරිමාණයේ වංචාවක් බවට පත් වී තිබෙන බැවින් ඒ පිළිබඳව අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරන බවද එම සංවිධානය පවසයි.

රුපියල් දහස් ගණනක් පාසල්වලට ගෙවීමෙන් අනතුරුවත් ඇතැම් දෙමාපියන්ට සිය දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීමට නොහැකි වී ඇති බවයි, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු වසරට දරුවෙකු ඇතුල් කිරීම පිණිස රුපියල් ලක්ෂ දෙකක මුදලක් තැන්පත් කරන මෙන් එම පියාට ලිඛිතව දැනුම් දී ඇති බවත්, ඒ වෙනුවට රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කිරීම නිසා එම දරුවා තවමත් පාසලට ඇතුලත් කිරීමට නොහැකි වී ඇති බවත් වසන්ත සමරසිංහ කියා සිටියේ එම දරුවාගේ පියා විසින් එවන ලද ලිපියක් ද මාධ්‍යවේදීන් හමුවේ කියවමින්.

පාසල්වල මෙවැනි දූෂණ සිදුවීමට ප්‍රධානම හේතුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම බවද එම සංවිධානය පවසයි.

පාසලේ අරමුදලක් සඳහා දායක වීමට මුදල් නොමැති නිසා අසල්වැසි නිවසකින් පොල් ගෙඩියක් සොරකම් කළ ශිෂ්‍යාවක අත් අඩංගුවට ගෙන රුපියල් 50,000 ක ඇප මත ඇය නිදහස් කිරීම පසුගියදා ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් විය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.