හලාල් සහතික නිකුත් කිරීම නවතා දැමිය නොහැක - සමස්ත ලංකා ජමිතුල් උලමා සභාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 21 බ්‍රහස්පතින්දා - 12:48 GMT

හලාල් සහතික නිකුත්කිරීමේ ක්‍රියාදාමය නවතා දැමිය නොහැකි බව සමස්ත ලංකා ජමිතුල් උලමා සභාව ප්‍රකාශ කරයි.

හලාල් සහතික නිකුත් කිරීමේ ලේකම් මුර්සිඩ් මුලාෆර් මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇතැම් පිරිස් හලාල් සහතිකය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කරමින් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පවතින සුහදතාව පලුදු කිරීමට උත්සාහ දරන බවයි.

ඊට විසදුමක් වශයෙන් හලාල් සහතික සහිත ආහාර මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නිපදවීමට පියවර ගන්නැයි වෙළෙඳ සමාගම් වලින් ඉල්ලා සිටීමට සමස්ත ලංකා ජමිතුල් උලමා සභාව තීරණය කර ඇතැයිද ඔහු පැවසුවේය.

හලාල් ක්‍රමය නවතා දමන ලෙස බොදු බල සේනා සංවිධානය කරන ඉල්ලීමට එකගවිය නොහැකි බවයි ලේකම් මුර්සිඩ් මුලාෆර් ප්‍රකාශ කළේ.

එය තම ආගමික වගකීමක් බවත් මුස්ලිම් ජනතාවට තම ආගම අනුගමන කිරීමට මානව අයිතියක් ඇති බවත් හෙතෙම මාධ්‍ය කරුවන් අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.