බුරුමවාසීන් 98 දෙනෙක් 'මුහුදේදී මිය ගිහින්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 17 ඉරිදා - 12:52 GMT
Assaji thero with the rescued Burmese prople

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කොට සිටින 33 දෙනාගෙන් සිවු දෙනකුගේ පමණ තත්ත්වය අසාධ්‍ය බව අස්සජි හිමියෝ පවසති

මඩකලපුවට ඔබ්බෙන් ඈත මුහුදේ අතරමංව සිටි විදේශිකයන් තිස් දෙදෙනා බුරුම බෞද්ධයන්ගේ හිරිහැරවලින් බේරීම සඳහා පලා යමින් සිටි රෝහින්ග්‍යා මුස්ලිම් භක්තිකයන් බව ඔවුන් හමුවූ භික්ෂූන් වහන්සේ නමක් පවසති.

සංගමන් කන්ද තුඩුවට කිලෝ මීටර් 250 ක් ඈත මුහුදේ අතරමංව සිටි විදේශිකයන් තිස් දෙදෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෙනසුරාදා බේරාගන්නා ලද බවයි, නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු කෝසල වර්ණසූරිය කියා සිටියේ.

මේ පිරිස යකායින් ප්‍රාන්තයේ සිට බෝට්ටු තුනකින් පිටත්ව, ඉන් පසුව විශාල බෝට්ටුවකට ගොඩ වී ඇති බවත් මියන්මාරයේ සිට මැලේසියාව බලා යාත්‍රා කරමින් සිටියදී ඔවුන්ගේ ආහාර නිමාවීමෙන් 98 දෙනකු මරුමුවට පත් වී ඇති බවත් මාලිගාවිල අස්සජි හිමියෝ බීබීසීයට පැවසූහ.

බුරුමයේ වසර ගණනාවක් වාසය කළ මාලිගාවිල අස්සජි හිමියෝ, මේ පිරිස ප්‍රතිකාර ලබමින් සිටින කරාපිටිය රෝහලට ගොස් ඔවුන් මුණ ගැසී තිබේ.

"බුරුම ජාතික බෞද්ධ පිරිසගෙන් හිරිහැර, කරදර වෙන නිසා, රස්සාවක් කරන්න බැරි නිසා ඒ කට්ටිය එහෙම පලා ආව කියල කියනවා," බවයි එහිමියන් පවසන්නේ.

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කොට සිටින 33 දෙනාගෙන් සිවු දෙනකුගේ පමණ තත්ත්වය අසාධ්‍ය බව ද අස්සජි හිමියෝ පවසති.

අවුරුදු 12 ක් සහ 15 ක් වයසැති දරුවන් දෙදෙනෙකු ද රෝහල්ගත කොට සිටින බව බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ ප්‍රකාශ කළ අස්සජි හිමියෝ, ඔවුන්ගේ අසනීප තත්ත්වයට ප්‍රධානම හේතුව සිය චාරිකාවේදී ආහාර හිඟවීම බව ද සඳහන් කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.