
තරාදියක් හෝ නොමැතිව ලී කැබැල්ලක් තරාදිය ලෙසින් යොදාගෙන කරවල විකුණන කාන්තාවක් සහ ගංවතුරෙන් කොටු වී තිබියදීත් වෙළඳාම් කරන කඩ පොලක් තරඟයට ඔහු ඉදිරිපත් කළ අනෙක් ඡායාරූපයි
ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද "අසමානතාවය" පිලිබඳ ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශණයක ඉහලම කලාපීය සම්මානය මඩකලපුවේ පාසල් සිසුවෙකුට හිමි වී තිබේ.
දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු වන දිව්‍යරාජ් සයන්තන් සහ නේපාල ජාතික දරුවෙකුටයි, වයස 14-17 වයස් කාණ්ඩය වෙනුවෙන් දකුණු ආසියානු කලාපයට හිමි වන ඉහලම සම්මානය හිමි වී තිබෙන්නේ.

තරඟය පිළිබඳව අන්තර්ජාල දැන්වීමක් දුටු සිය පියා එයට ඉදිරිපත් වන මෙන් තමන් දිරිමත් කළ බව සයන්තන් පවසයි
සයන්ත ඉදිරිපත් කළ, උඩුකය නිරුවත්ව සරමකින් පමණක් සැරසී කල්මුණේ - කලවන්චිකුඩි මහා මාර්ගය අසල පොල් විකුණන දරුවෙකුගේ ඡායාරූපයට සම්මානය හිමි වී තිබෙන අතර, තරාදියක් පවා
නොමැතිව ලී කැබැල්ලක් තරාදිය ලෙසින් යොදාගෙන කරවල විකුණන කාන්තාවක් සහ ගංවතුරෙන් කොටු වී තිබියදීත් වෙළඳාම් කරන කඩ පොලක් තරඟයට ඔහු ඉදිරිපත් කළ අනෙක් ඡායාරූපයි.
ඡායාරූප ගැනීම තම විනෝදාංශයක් බව බීබීසී සංදේශයට පැවසූ දිව්‍යරාජ් සයන්තන්, තරඟය පිළිබඳව අන්තර්ජාල දැන්වීමක් දුටු සිය පියා එයට ඉදිරිපත් වන මෙන් තමන් දිරිමත් කළ බව ද පැවසීය.
අප්‍රිකාව, නැගෙනහිර/ ශාන්තිකර ආසියාව, මධ්‍යම ආසියාව, ලතින් ඇමෙරිකාව/ කැරිබියානු රටවල්, මැද පෙරදිග, යුරෝපය, දකුණු අප්‍රිකාව සහ දකුණු ආසියාව වශයෙන් කලාප අටකට බෙදා මෙම ඡායාරූප තරඟය පැවැත්විණ.
එම කලාපවලින් ඉදිරිපත් වූ ඡායාරූප 756 ක් අතරින් දරුවන් 11 දෙනකුට සම්මාන හිමි වී තිබේ.








