පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා - 18:16 GMT

නිව්යෝර්ක් නගරය මුලස්ථාන කරගත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් දක්වන්නේ නැති නම් නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව වෙනත් රටක පැවැත් විය යුතු බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ කමලේෂ් ශර්මා මේ පිළිබඳව වැඩිදුර සාකච්ජා කිරීම සඳහා පෙබරවාරි මාසයේ 10 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දැනට පවතින තත්වයන් යටතේ මෙම සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වුවහොත් මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ගැටළු ඇති වෙනවා පමණක් නොව 2013-2015 කාලය තුල ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හිමිවීමද ගැටළු සහගත තත්වයක් මතු කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයන් පිළිබඳව කැබ්නට් මාධය හමුවේදී අදහස් පල කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ රටේ ස්වෛරීත්වයට අත පෙවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.