නිදහසට ලොකුම තර්ජනය ආණ්ඩුවයි - එජාප

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 5 අඟහරුවාදා - 13:01 GMT
President Rajapaksa with a UNP delegation (file photo)

සැබෑ නිදහස ඇති කිරීම සඳහා "මුදල් ගෙවා සම්මත කරගත්" 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කළ යුතු එජාපය අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ නිදහසට ප්‍රධානම තර්ජනය එල්ල වන්නේ විපක්ෂයෙන් නොව ආණ්ඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නිදහස ආරක්ෂා කිරීමේ වගකීමෙන් විරුද්ධ පක්ෂය ද බැඳී සිටින බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් දින උත්සවයේදී කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

ශ්‍රී ලංකාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සිය වගකීම් ඉටුකරමින් සිටින බවයි, අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

'චීනයේ කොලනියක්'

"මේ රටේ මාධ්‍ය නිදහස අහුරන්නේ කවුද? ආර්ථික නිදහස? දැන් චීනයේ කොලනියක් බවට ශ්‍රී ලංකාව පත් වෙමින් තියෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය.

අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ පවා නිදහස අසුරා තිබෙන බව පවසන එජාප මහ ලේකම්වරයා, රටේ නිදහස ඇති කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ "මුදල් ගෙවා සම්මත කරගත්" 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම බව අවධාරණය කරයි.

ඊයේ ත්‍රිකුණාමලයේ පැවති නිදහස් දින උත්සවයට එජාපය සහභාගි නොවීය.

එමෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටේ ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.