මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 31 බ්‍රහස්පතින්දා - 17:55 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සම්මාන ලාභී මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර අත ඇත්තේ සම්මානිත සාහිත්‍ය වේදී ලියනගේ අමරකීර්ති 2012 වසරේ පළ කළ කෙටිකතා සංග්‍රහයක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සම්මාන ලාභී මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර අත ඇත්තේ සම්මානිත සාහිත්‍ය වේදී ලියනගේ අමරකීර්ති 2012 වසරේ පළ කළ කෙටිකතා සංග්‍රහයක්.

දශක දෙකක් ඉක්මවූ යුගයක් ජනමාධ්‍ය කරණයේ නියැලි තිඹිරියාගම බණ්ඩාර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙක්. ආකාරගත මෙන්ම සම්ප්‍රදායික නොවන මුලික අධ්‍යාපනයෙන් ද අනතුරුව තිඹිරියාගමයන් සිංහල භාෂා ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හිමි කොට ගත්තේ කොළඹ සරසවියෙන්. බාලේ පටන් නන්විධ පුවත් පත් වල ලිපි හා කවි ලියා පළ කළ තිඹිරි, රජරට ගුවන් විදුලියට කලක් තිස්සේ අඛණ්ඩව සම්මාදම් වුයෙක්. ගම් පියසේ තරුණන් හා එක්වී ගල් අච්චුවේ 'තෝතැන්න' සඟරාව පල කිරීමේ පුරෝගාමී තිඹිරියාගම බණ්ඩාර ඉන් අනතුරුව මැද පෙරදිග, ලක්මිණ, ලක්බිම, යුක්තිය හා රාවය වාරික සිය ලේඛනයෙන් හැඩ කළේයි. ‘බඩපිස්සගේ ගමේ විත්ති’ ‘මනස් සිතුවම’, ‘සම්භාෂා’ තීරු ලියූ තිඹිරියාගම බණ්ඩාරගේ ‘බණ්ඩාගේ වාක්කිය’ රාජ්‍ය සම්මානයෙන් බුහුමන් ලද තීරු ලිපියක්. හොඳම විශේෂාංග රචකයා ලෙසින්ද තිඹිරියාගමයන් සම්මානයට පාත්‍ර වී. තිඹිරි මාධ්‍ය කරණයෙන් සමුගත්තේ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වෘත්තිය පුහුණු අධිකාරියේ මාධ්‍ය පුහුණු අංශය භාර ගැනීමට. 'තිස් වැනි පොත' නමින් සිය මුල්ම නවකතාව 2012 දී එළි දැක්වූ තිඹිරියාගම බණ්ඩාර ඒ වන විට කාව්‍ය හා කෙටිකතා සංග්‍රහ මෙන්ම සාහිත්‍ය විචාර ග්‍රන්ථද ලියා පළ කොට සිටි ලේඛකයෙක්.

ආචාර්ය ලියනගේ අමරකීර්ති

අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති සාහිත්‍ය විචාරකයෙක්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක්. කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන්ද වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලබා ඔහු ශාස්ත්‍රවේදී උපාධිය 1994 දී හිමි කොට ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. කෝනල් හා වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය න්‍යාය හා විචාරය පිලිබඳ පර්යේෂණ වලින් අනතුරුවයි ඇමරිකා එක්සත් ජනපදයේ දී ලියනගේ අමරකීර්ති ආචාර්ය උපාධිය දිනා ගත්තේ. ප්‍රබන්ධ කරණයේ මතු නොව ශාස්ත්‍රීය ලේඛනයේද නියැලි ආචාර්ය අමරකීර්ති ගේ හය වැනි කෙටි කතා සංග්‍රහයයි 'අර මිහිරි සීනු නාදය'.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.