හමුදා විනය යුධ ජයග්‍රහණයේ පදනමයි - ගෝඨාභය රාජපක්ෂ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 24 බ්‍රහස්පතින්දා - 17:29 GMT

ශ්‍රී ලංකාවේ හමුදාව විනය ගරුක අන්දමින් කටයුතු කිරීමේ හේතුවෙන් යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කමිටුව මගින් කරන ලද නිර්දේශ විමසීමට යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව භාර ගනිමින් ආරක්ෂක ලේකම්වරයා එසේ කියා සිටියේය .

යුධ හමුදාව ක්‍රියාන්විතයන්හි දී සිදුවෙන හානි අවම කිරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපාය යළිත් සමාලෝචනය කළ යුතු බව වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් ආරක්ෂක හේතු මත ඉඩම් අත්පත් කර ගැනීමේ අයිතිය රජය සතු අතර පවරා ගැනෙන ඉඩම් සඳහා සුදුසු පරිදි වන්දි සහ විකල්ප ඉඩම් ලබා දිය යුතු බව වාර්තාව මගින් නිර්දේශ කොට ඇත.

ආරක්ෂක හමුදා සාමාජිකයන් දෙමළ සහ ඉංග්‍රීසි බස හැදෑරීමේ වැදගත් කමත් මෙම වාර්තාව මගින් අවධාරණය කොට ඇත.

හමුදා ක්‍රියාන්විතයන්හිදී මානව හිමීකම් කඩ කිරීම් පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් කරුණු දක්වා තිබේදැයි විමසු විට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියා සිටියේ මුලික පරීක්ෂණ උසාවියක් ලෙස කටයුතු කරන විමර්ශන මණඩලයක් දැනට මෙම කරුණු පිළිබඳව කටයුතු කරගෙන යන බවත් එම වාර්තාවත් නුදුරු දිනකදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.