ශිරාණි බණ්ඩාරනායක 'තවමත් අගවිනිසුරු' - නීතිවේදීහු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 13 ඉරිදා - 12:06 GMT
A protest against impeachment (file photo)

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති

ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකිරීමේ නියෝගයට අත්සන් තැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නියෝගය අගවිනිසුරුවරියට භාර දී ඇති නමුත්, ඇය තවමත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය බව නීතිවේදීහු පවසති.

අගවිනිසුරුවරියට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය නීතිවිරෝධී බව පවසන නීතිවේදී එකමුතුව, අගවිනිසුරුවරිය පදවියෙන් පහකිරීම "අධිකරණ ස්වාධීනත්වයේ, නීතියේ ආධිපත්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනමටම" එල්ල වූ බරපතල අතුල් පහරක් බව ද පවසයි.

පදවියෙන් පහකිරීමේ නියෝගය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට ලැබී තිබෙන බව නීතිවේදී එකමුතුව සනාථ කරයි.

'අගවිනිසුරු කල් ඉල්ලුවේ නෑ'

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති බවයි, ඇගේ නීතිවේදී කන්දයියා නීලකන්ඩන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රදර්ශණය කළ දිරියට සහ නායකත්වයට තම ආචාරය පිරිනමන බවද නීතිවේදීහු පවසති.

මේ අතර ලබන අප්‍රේල් මාසය දක්වා පදවියේ රැඳී සිටීම සඳහා අවසර දෙන මෙන් අගවිනිසුරුවරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකොට තිබෙන පුවතක් පිළිබඳව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගේ නීතිවේදීන් එම පුවත තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.

එය "සත්‍යයෙන් තොර, සාවද්‍ය සහ පාඨකයන් නොමඟ යවන සුළු" පුවතක් ලෙසින් හඳුන්වාදෙන එවැනි පුවතක් පළ කිරීමට පෙර පුවත්පත විසින් තමන් ඇමතිය යුතුව තිබූ බව ද පෙන්වා දෙති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.