රිසානාගේ මරණ දඬුවම 'ක්‍රියාත්මක වීමේ අවදානමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 6 ඉරිදා - 18:45 GMT

හත් වසරක් සෞදි අරාබියේ සිරගත කොට සිටින ශ්‍රී ලාංකික තරුණියකට පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ අවදානම පහව ගොස් නැති බව මානව හිමිකම් ක්‍රියාධාරීහු පවසති.

මිනී මැරීමේ චෝදනා නගා බන්ධනාගාර ගත කරනු ලැබූ මුත්තුර් සිට සෞදියේ සේවයට ගිය රිසානා නෆීක් ගේ සුවදුක් වෙනුවෙන් වෙහෙසෙන දොස්තර කිෆායා ඉෆ්තිකාර් බීබීසී සංදේශයට කියා සිටියේ රිසානා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යන බවයි.

රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා දීමට යන බව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට සෞදි බලධාරීන් දන්වා යවා ඇති බවයි ඇය කියා සිටියේ.

රිසානා එතැයි බලා සිටින නෑසියන්

එසේ වෙතත් අධිකරණ අමාත්‍යාංශය පසුගිය සතියේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පරිදි සෞදි රජතුමා රිසානාට සමාව දීමේ ඉඩක් තිබෙන බවයි.

ඉකුත් දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාද සෞදි අරාබියට ගොස් එරට විදේශ අමාත්‍යාංශය හමුවී මේ පිළිබඳව ඉල්ලීමක් කළ බව රජය ප්‍රකාශ කර තිබුනි.

වසර 2005 දී රිසානා සිරගත කොට මරණීය දණ්ඩනය පනවනු ලැබුවේ ඇගේ භාරයේ සිටි සිව් මස් දරුවකු මිය යාමේ වරදට.

බාල වියේදී මෙහෙකාර කමට බඳවා ගනු ලැබූ රිසානා විසින් චෝදනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.