මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 26 බදාදා - 13:06 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම අත රැඳි ග්‍රන්ථය ගුරුළුගෝමීන්ගේ අමාවතුර.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම අත රැඳි ග්‍රන්ථය ගුරුළුගෝමීන්ගේ අමාවතුර.

කුරුණෑගල මැද්දේගම රජයේ පාසලින් මුල් අකුරු කොට උදය ප්‍රශාන්ත මැද්දේගමයන් ඉන් අනතුරුව පිවිසියේ එගම රත්නෝදය පිරිවෙනට. එහිදී හෙළ සකු මගධ බස් ප්‍රගුණ කොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවූ උදය ප්‍රශාන්තයන් ඒ උගැන්ම නිමා කළේ පළමු පෙළ සිංහල විශේෂ උපාධිධාරියකු ලෙසින්. 1968 දී සහකාර කථිකාචාර්ය වරයකු ලෙසින් පේරාදෙණි සරසවියේම සේවයට පැමිණි ඔහු පසු කලෙක ආචාර්ය උපාධිය දිනුයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යයන අංශයෙන්. සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය සිය නිබන්ධන විෂය පථය කොටගත් ආචාර්ය මැද්දේගම ඒ සඳහා පර්යේෂණයට භාජන කළේ 1864 ලියවුනු මුල්ම සිංහල ප්‍රබන්ධ කථාවේ පටන් 1974 දක්වා සියක් වසරක ප්‍රබන්ධ කථා. ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් බසෙහිද හසල උදය ප්‍රශාන්ත මැද්දේගමයන් අප හමුවට එන්නේ තමන් ඉංග්‍රීසියට නැගූ ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ එන රාජ දමනය සමගින්.

දොළොස් වැනි සියවස,පොළොන්නරු රාජ සමයේ විසූ සේ සැලැකෙන ගුරුළු ගෝමීන් ලියූ ග්‍රන්ථ ලෙසින් ඇත්තේ අමාවතුර හා ධර්මප්‍රදීපිකාව. සිංහල ගද්‍ය සාහිත්‍යයේ පරිකථා ගණයෙහි ලා ගැනෙන පළමු වැන්නයි ධර්මප්‍රදීපිකාව. බුදුන්ගේ නව අරහාදී ගුණ අතුරින් එකක් සේ පුද ලබන පුරිස ධම්ම සාරථී හෙවත් දමනය කළ නොහැක්කන් දමනය කිරීමේ ගුණය උත්කර්ෂයට නැංවීම සඳහායි ගුරුළුගෝමීන් අමාවතුර කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.