අධිකරණයේ පෙනී සිටින ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට නියෝග

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 22 සෙනසුරාදා - 15:19 GMT

කළුතර බන්ධනාගාරයේ සිටින රැඳවියකු හමුවී තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ නීතිඥයකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේස්ටාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරායට නියෝග කරයි.

අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන රණේපුර සම්පත් නැමැත්තා ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේස්ටාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින පෙත්සම්කරු හමුවී ඔහුගේ නඩුවට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ගිය නීතිඥයාට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා අධිකරණය හමුවේ කියා සිටියේ.

එය අනුමත කළ නොහැකි බවයි ශ්‍රේස්ටාධිකරණය කියා සිටියේ. මේ පිළිබඳව කරුණු විමසීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරායට පෙබරවාරි 13 දා අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස ශ්‍රේස්ටාධිකරණය විසින් නියෝග කරන ලදී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.