ජල ගැල්මෙන් විභාග කටයුතු අවුල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 20 බ්‍රහස්පතින්දා - 17:31 GMT
ජල ගැල්මෙන් විභාග කටයුතු අවුල්

ජල ගැල්මෙන් පීඩාවට පත් හලාවත ප්‍රදේශයේ අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාග කටයුතු අවුල් සහගත තත්වයකට මුහුණදී ඇතැයි විභාගයට පෙනී සිටින සිසු සිසුවියෝ , දෙමාපියෝ සහ ගුරුවරු සංදේශයට ප්‍රකාශ කළහ.

මේ අතර ශ්‍රී ලංකාව පුරා ජලගැල්මට ලක්වූ ප්‍රදේශවල තුන්ලක්ෂයකට අධික ජනකායක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

විසි හතක් මිය යයි

බ්‍රහස්පතින්දා වනවිට ආපදාවනට මුහුණදුන් අය අතරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව විසි හත දක්වා ඉහල ගොස් ඇති අතර දහ හතර දෙනකු අතුරුදහන් වී තිස්හය දෙනකු අනතුරුවලට ලක්වී තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.

පාසල් ගොඩනැගිලි ජලයෙන් යටවී තිබීම මෙන්ම ගමනාගමනයට ඇති අපහසුතාවයත්, ගේ දොර ජලයෙන් යටවී යෑමෙන් විභාගයට සූදානම් වීමට නොහැකි වීමත් හමුවේ විපතට පත් ප්‍රදේශවල සිට විභාගයට පෙනී සිටින්නන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.