ගංවතුරින් ලක්ෂ දෙකක් පීඩාවට-මරණ විසි තුනක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 19 බදාදා - 17:06 GMT

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජලගැල්මට ලක්වූ ප්‍රදේශවල පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 23 ක්.14 දෙනකු අතුරැදහන් වී 34 දෙනකු අනතුරුවලට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය. අද වාර්තා වූ තොරතුරුවලට අනුව පුත්තලම දිස්ත්රික්කයට බරපතල හානි සිදුවී ඇත.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කොළඹ-පුත්තලම මාර්ගයේ ගමනා ගමනය අවහිර වී ඇති අතර දැදුරු ඔය, ලුණුඔය සහ කළපුව පිටාර ගලා ඇතයි පුත්තලමේ සිට වාර්තා කරන ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න කියා සිටී.

chilaw floods

මේ වන විට නගර මැද පිහිටා ඇති බස් නැවතුම් පොළ සම්පුර්ණයෙන් යට වී ඇති අතර ගංවතුරින් පීඩාවට පත්ව සිටින පිරිස් තාවකාලික සහන සේවා මධ්‍යස්ථාන වලට යොමු කොට ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.