'ඔබ නැතුව ඔබ එක්ක'ට රජත මයුර සම්මානය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 30 සිකුරාදා - 16:35 GMT
Scene from 'With You Without You'

චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබුවාය.

පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ අන්ජලී පටිල් නිරූපණය කළේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයයි.

ඉන්දීය නිළියක වන ඇය, චිත්‍රපටයේ අඩංගු සිංහල හා දෙමළ දෙබස් ඇයගේ හඬින්ම පටිගත කළ බවයි ඉන්දියාවේ සිට සංදේශය සමඟ කතා කළ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේ.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනූ සිව්වැනි වතාව මෙයයි.

මෙම ජයග්‍රහණය තුලින් ලැබිය හැකි ප්‍රචාරය හමුවේ ශ්‍රී ලාංකික චිත්‍රපට සඳහා භාරත සිනමා ක්ෂේත්‍රය තුල යම් පිළිගැනීමක් ඇතිවිය හැකි බවයි, අධ්‍යක්ෂවරයා පවසන්නේ.

"ඉන්දීය නිලියක් හා ඉන්දීය සම්මානයක් මඟින් මෙම චිත්‍රපටයට ඉන්දියාවේ සිනමාහල්වල ප්‍රදර්ශණ අවස්ථාවක් හෝ, අඩු ගණනේ ඉන්දියාව තුල DVD තැටි නිකුත් කිරීමේ අවස්ථාවක් ලැබුණහොත් එය ශ්‍රී ලංකාවේ සිනමාව ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවයි, මම හිතන්නේ," අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ තවදුරටත් පැවසීය.

මීට පෙරාතුව මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රඟපෑ අනෝජා වීරසිංහ සහ ආකාශ කුසුම්හි ප්‍රධාන චරිතය රඟපෑ මාලනී ෆොන්සේකාත් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ රජත මයුර සම්මානයෙන් පුද ලැබූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.