ගංවතුර අනාථයන් රැඳවීම පිණිස මුලතිවු පාසල් වසා දැමේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 30 අඟහරුවාදා - 14:45 GMT
Sri Lanka cyclone

දින දෙකක් මුළුල්ලේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ ජනතාවට රැකවරණ සැලසීම සඳහා මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් නමයක් වසා දැමූ බව බලධාරීහු නිවේදනය කළහ.

වර්ෂාව හේතුවෙන් යලිත් වරක් අවතැන් වූ ප්‍රදේශයේ යලි පදිංචි කළ වැසියන්ට නවාතැන් සැපයීම සඳහා දින නියමයකින් තොරව පාසල් වසා දැමීමට සිදුවූ බවයි, දිසාපති නාගලිංගම් වේදනායගම් කියා සිටියේ.

දිස්ත්‍රික්කය පුරා හටගෙන තිබූ අධික සුළං සහිත තත්ත්වය පහව ගොස් ඇති නමුත්, ධාරානිපාත වර්ෂාව තවමත් නිමාවී නැහැ.

එබැවින් අවදානම් සහගත තත්ත්වය තවමත් පහව ගොස් නැති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

කෙසේ නමුත් මුලතිවු දිස්ත්‍රික්කයේ අවතැන් වූවන්ගේ ප්‍රමාණය දහසක් දක්වා පහත වැටී ඇති බව එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර බීබීසී සංදේශයට පැවසීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.