කූඩන්කුලම න්‍යෂ්ටික බලාගාරයට එරෙහිව උතුරේ විරෝධතා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 26 සිකුරාදා - 15:14 GMT
Kudankulam power plant

මන්නාරම, වවුනියා සහ යාපනය දිස්ත්‍රික්ක තුල පෙරටුගාමී පක්ෂය විසින් සිකුරාදා දිනයේ අත් පත්‍රිකා පන් දහසක් පමණ බෙදා හැර තිබිණ

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකිරීමට යෝජිත කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය මඟින් ශ්‍රී ලංකාවට ප්‍රබල අනතුරක් එල්ල වී තිබෙන බව පෙරටුගාමී පක්ෂය පවසයි.

එම ව්‍යාපෘතියට විරෝධය පාමින් උතුරු පළාත පුරා අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ බීබීසී සංදේශයට අදහස් පලකරමිනුයි පෙරටුගාමී පක්ෂය එම තර්ජනය පිළිබඳව අනතුරු ඇඟවූයේ.

"මේ බලාගාරය ඉදිකරන්න පාවිච්චි කරන්නේ රුසියානු තාක්ෂණය ඒ නිසා තාක්ෂණය ගැන ප්‍රශ්නයක් තියෙනවා. අනික තමයි ඉතිහාසයේ මෙවැනි බලාගාරවල කාන්දුවීම් සහ පිපිරීම් සිදුවුනා ඉතිහාසයේදී," පත්‍රිකා බෙදමින් සිටි දුමින්ද රාගමුව වවුනියාවේදී දිනසේන රතුගමගේට පැවසීය.

කාන්තාවන් උදෙසා වූ සංවිධානයේ සභාපතිනි දිමිතු ආටිගල අදහස් දක්වමින් කියා සිටියේ අදාළ බලාගාරය ඉදිකිරීමේ වැඩ පිළිවෙල පිළිබඳව පුළුල් විරෝධතා ව්‍යාපාරයකට යාමේ අවශ්‍යතාවය සිය පත්‍රිකා මඟින් අවධාරණය කොට ඇති බවයි.

මන්නාරම, වවුනියා සහ යාපනය දිස්ත්‍රික්ක තුල පෙරටුගාමී පක්ෂය විසින් සිකුරාදා දිනයේ අත් පත්‍රිකා පන් දහසක් පමණ බෙදා හැර තිබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.