රසායනික පොහොර වලින් සිදුවන හානි විමර්ශණ කමිටුව ගොවීන්ගේ පැසසුමට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 20 සෙනසුරාදා - 18:38 GMT

කාෂි රසායනික පොහොර භාවිතයෙන් සිදුවන හානි විමර්ශණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය පියවර ගැනීම ගොවි නායකන්ගේ පැසසුමට ලක් වෙයි.

"මේක ගැන අපි අවදියෙන් ඉන්න ඕන. ආණ්ඩුවක් වචන කියල ලිස්සල යන්න ඉඩක් තියෙනවා. මොකද මේවා හරිත විප්ලවය කාලේ ඉඳල එන බලපෑම් "

ගොවි නායක එම්.කේ.ජයතිස්ස

එම කමිටුව විසින් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍යවලින් සිදුව ඇති හානිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෘෂි රසායන ඔස්සේ පරිසරයට එක්වෙන ආසනික් හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය උවදුරු වළක්වාලීමට ගත යුතු පියවර නිර්දේශ කිරීමට කමිටුවක් පත් කිරීම සතුට කරුණක් වන නමුත් මේ මගින් ප්‍රශ්නය සම්පූරණයෙන්විසදෙනු ඇතැයි තමන් විශ්වාශ නොකරන බව ගොවි නායක එම්.කේ.ජයතිස්ස සංදේශයට ප්‍රකාශ කලේය.

"මේක ගැන අපි අවදියෙන් ඉන්න ඕන. ආණ්ඩුවක් වචන කියල ලිස්සල යන්න ඉඩක් තියෙනවා. මොකද මේවා හරිත විප්ලවය කාලේ ඉඳල එන බලපෑම් ", බවටයි ගොවි නායක එම්.කේ.ජයතිස්ස අනතුරු අඟවා සිටියේ.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය විසින් හොන්ඩරයකට රුපියල් 9000 ක් වැය කරන අතර මෙම මුදල කෙලින්ම ගොවියාට ලබාදී පරිසර හිතකාමීව වගා කිරීමට ඔවුන් දිරිමත් කිරීම වඩා අර්ථවත් බව ගොවි නායකයා කියා සිටියේය.

මෙසේ කිරීම මගින් දිගු කාලීනව ගොවීන් සහනාධාර ක්‍රමයෙන් ඉවත් කිරීමට හැකිවන බවයි, ගොවි නායක එම්.කේ.ජයතිස්ස තවදුරත් ප්‍රකාශ කළේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.