දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 13 සෙනසුරාදා - 18:19 GMT

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ සෙසු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ජා පැවැත්වුහ.

අගමැති මං මෝහන් සිං සහ විදේශ ඇමති එස්.එම්.ක්‍රිෂ්ණා සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රධාන නියෝජිත පිරිස අතර මේ සාකච්ජා පැවැත්විණි.

සාකච්ජා වලදී ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව විසදීමෙහිලා පැන නැඟ ඇති තත්වයන් ගැන ඉන්දීය රජය දැනුවත් කල බව දෙමළ ජාතික සන්ධානය පැවසුවේය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රමාදය සහ ශ්‍රී ලංකා රජය ඒ සඳහා දක්වන අවංකභාවය සහ කැපවීම ගැන ඇති ගැටළු පිලිබදව මෙහිදී ඔවුන් ඉන්දීය නායකයන් දැනුවත් කළේ යැයි ද දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේය.

ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියේ වෙනසක් ඉතා ඉකමණින් සිදු කරනු ඇති බව සාකච්ජා වලින් පැහැදිලි විනැයි, දෙමළ ජාතික සන්ධානයේ දුත පිරිසට එක්ව සිටි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා බී බී සී දෙමළ සේවයට පැවසුවේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.