එක්සත් ජාතීන්ගේ යෝජනා සහ නියෝජිතයන් පැමිණීම 'එකිනෙකට සම්බන්ධ නෑ'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 11 අඟහරුවාදා - 14:24 GMT
Navi Pillai

නවී පිල්ලේගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ දූත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය

පසුගිය මාර්තු මාසයේදී සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සහ මානව හිමිකම් මණ්ඩලයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම අතර සම්බන්ධයක් නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

විදේශ කටයුතු භාර අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කොළඹදී මාධ්‍යවේදීන් අමතා ඒ බව කියා සිටියේ මානව හිමිකම් මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කරමින්.

ජාත්‍යන්තර සංවිධාන වල නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වලක්වන්නට උත්සාහ දැරීම නුසුදුසු ක්‍රියාවක් බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

"අපි තරයේ විශ්වාස කරනවා අපි කිසිසේත්ම මෙවන් පුද්ගලයන් අපේ රටට පැමිණීම වලක්වන්න උත්සාහ දැරිය නොයුතුයි. එක අපේ රටට කිසිසේත් හොඳ දෙයක් නොවෙයි. අපිට ලෝකයට පෙන්නන්න ඕනෑතරම් දේවල් තියෙනවා," ඔහු පැවසීය.

"අපි තරයේ විශ්වාස කරනවා අපි කිසිසේත්ම මෙවන් පුද්ගලයන් අපේ රටට පැමිණීම වලක්වන්න උත්සාහ දැරිය නොයුතුයි. එක අපේ රටට කිසිසේත් හොඳ දෙයක් නොවෙයි. අපිට ලෝකයට පෙන්නන්න ඕනෑතරම් දේවල් තියෙනවා"

විදේශ කටයුතු භාර අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මාර්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව යෝජන්නාවක් සම්මත කළේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ සඳහා වන රජයේ සැලැස්ම ඉදිරිපත් කරන ලෙස හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ චෝදනා පිළිබඳව පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා වගකීමෙන් බැඳීම පිලිබඳ එම යෝජනාවෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට නිර්දේශ කොට තිබුනේ එකී යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබාදී එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ යෝජනාව හා නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අතර සම්බන්ධයක් නැති බවයි.

එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මීට මාස එකොළහකට කලින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ විසින් කරන ලද ආරාධනාවකට අනුව බවද ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.