අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වෙති.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 29 බදාදා - 18:36 GMT

ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වුහ.

මහා නාහිමියන් පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය කරකොලේ පියදස්සි නා හිමියෝ කියා සිටියේ මහා නා හිමියන් ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ වැඩිම කාලයක් මහා නාහිමි තනතුර දැරූ හිමිපාණන් වහන්සේ බවයි.

අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන් රාමඤඤ නිකාය තුළ සංඝ සභා පිහිටුවමින් සාසනික හා සමාජීය සේවාවන්හි භික්ෂුන් වහන්සේලාට ක්‍රියා කාරී වීමට ඉඩ සැලසු බව කරකොලේ පියදස්සි නා හිමියෝ ප්‍රකාශ කළහ.

නිකාය තුළ ප්‍රජතන්ත්‍රවාදී පරිපාලන ව්‍යුහයන් පිහිටුවාලමින් අට දහසක් පමණ වූ භික්සුන්වහන්සේ ඒකීය නායකත්වයක් යටතේ මග පෙන්වූ බව උන්වහන්සේ කියා සිටියහ.

අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වන විට අවුරුදු 104 ක් ආයු වළඳා සිටියහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.