බුදු රුවට නිගා කළ විදේශිකයන්ට අත්හිට වූ සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 21 අඟහරුවාදා - 12:58 GMT
A Buddha statue in Kandy, Sri Lanka

බුද්ධාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක්

බුදු රජාණන් වහන්සේගේ පිළිරුවකට නිගා දෙන අන්දමින් ඡායාරූප ගනිමින් බෞද්ධයන්ට සිත් වේදනා දෙන ආකාරයෙන් ක්‍රියාකළ බවට චෝදනා ලැබූ ප්‍රංශ ජාතික සංචාරකයන් තිදෙනකුට ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් අත්හිට වූ සිරදඬුවම් පණවා තිබේ.

ප්‍රංශ ජාතික කාන්තාවක් බුදු පිළිමයක් සිප ගන්නා ආකාරය දැක්වෙන මෙම ඡායාරූප හමු වී තිබෙන්නේ ඔවුන් එම ඡායාරූප මුද්‍රණය කිරීම සඳහා භාර දුන් අවස්ථාවේදී.

මේ පිළිබඳව ඡායාරූප ශාලාවේ හිමිකරු පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනා සහ පුරුෂයා දකුණු ශ්‍රී ලංකාවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මහේස්තාත් වරයකු හමුවට ඉදිරිපත් කරන ලද ඔවුන් තිදෙනාට බරපතල වැඩ ඇතිව මාස හයක සිරදඬුවම් නියම කරන ලැබීමෙන් පසුව එය අවුරුදු පහකට අත් හිටුවා තිබේ.

"කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.

බුද්ධාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක්.

"බුද්ධාගමට අපහාස කිරීමේ පත්‍රිකා" බෙදීමේ චෝදනාව යටතේ අරාබි ජාතිකයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බව පසුගිය මාසයේ වාර්තා වූ අතර, බුදුන් වහන්සේගේ රුව අඩංගු යතුරු කැරලි සෙවූ බව පැවසෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළෙඳුන් දෙදෙනකුට 2010 දී අත් හිට වූ සිරදඬුවම් හිමිවිය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.