ශ්‍රී ලංකාවේ යලි ඉදිකිරීම් ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ගේ ප්‍රශංසාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 6 සඳුදා - 11:59 GMT
Kilinochchi market (file photo)

උතුරු නැගෙනහිර පමණක් නොව, බස්නාහිර හා නැගෙනහිරටත් යාමට තමන්ට අවස්ථාව ලැබුණු බව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පවසති

යුද්ධයෙන් පීඩා විඳි ජන ජීවිතය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

සංචාරයට පැමිණ සිටින බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් නම දෙනාගෙන් අට දෙනකුම පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන්. ඔවුන් සියලු දෙනාම මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ 2010 දී.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමෙන් සංවිධානය කෙරුණු මෙම සංචාරයේදී සතියක් ශ්‍රී ලංකාවේ ගත කළ ඔවුන් පවසන්නේ උතුරු නැගෙනහිර පමණක් නොව, බස්නාහිර හා නැගෙනහිරටත් යාමට තමන්ට අවස්ථාව ලැබුණු බවයි.

සිය සංචාරය හමාරයේ කොළඹදී මාධ්‍ය හමු වූ ඔවුන් කියා සිටියේ විවිධ ජන කොටස් මුණ ගැසීමටත් තමන්ට අවස්ථාව ලැබුණ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් පැවසුවේ යුද්ධයෙන් බට කෑ පලාත්වල නව නිවාස ඉදිවෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි.

අතුරුදහන් වූවෝ

"දහස් ගණනක් එංගලන්තයේ ඉන්නවා ඥාතීන්ට සිදුවූ දෙයක් දන්නේ නැති අය. ඒ අයට යුද්ධයේදීත් යුද්ධය අවසානයේදීත් සිදුවූ දේ දැනගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ රජය හරහා ලබා දීම මගේ ලොකු අවශ්‍යතාවක් ව තිබුනා. මම මේ ගැන විශේෂයෙන් ලංකාවේ රජයේ අවධානය යොමු කර තිබෙනවා," බව ඔහු පැවසීය.

"දහස් ගණනක් එංගලන්තයේ ඉන්නවා ඥාතීන්ට සිදුවූ දෙයක් දන්නේ නැති අය. ඒ අයට යුද්ධයේදීත් යුද්ධය අවසානයේදීත් සිදුවූ දේ දැනගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ රජය හරහා ලබා දීම මගේ ලොකු අවශ්‍යතාවක් ව තිබුනා. මම මේ ගැන විශේෂයෙන් ලංකාවේ රජයේ අවධානය යොමු කර තිබෙනවා"

පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්

"එහිදී එම ඥාතීන් කඳවුරු වලින් එලියට පැමිණ යහතින් ඉන්නා වගට සුබ පණිවුඩයක් හෝ යුද්ධයෙන් ඔවුන් මිය ගියාය යන අවාසනාවන්ත තොරතුර හෝ ශ්‍රී ලංකාවෙන් පිටවී පැමිණ එක්සත් ජනපදයේ ජීවත් වන අයට දැනගන්නට ලැබිය යුතු," බවත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පශචාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉඩකඩ හා ජීවිත ගොඩ ගැනීමට ඉඩකඩ විවෘතව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර අදහස් දැක්වූ ජේම්ස් වෝටන් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා උදාවී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මෙන් තමන් බ්‍රිතාන්‍ය රජය දැනුවත් කරස්න බවයි.

"විශේෂයෙන්ම මේ එන්න එන්නම ගෝලීයකරණය වෙමින් පවතින, සැම රටක්ම වෙළෙඳ හවුල්කරුවකු ලෙස කටයුතු කල යුතු ලෝකයේ, ආර්ථික සංවර්ධන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල අපි සහයෝගයෙන් කටයුතු කල යුතුයි," ඔහු පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.