
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ජා එකගත්වයකින් තොරව අවසන් වූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේනලයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ප්‍රකාශ කරයි.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද සහභාගී වූ මේ සාකච්චාව පුරා පැය තුනක් පමණ කාලයක් තිස්සේ පැවැති බවයි ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පැවසුවේ.
"ප්‍රශ්නයේ විවිධ පැතිකඩ ගැන කථා කල නමුත් එකඟතාවක් ඇති වුනේ නැහැ"
ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
කඩිනමින් විසදුමක් සෙවීමේ අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගත් නමුත් ඒ අතරේ තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය දිගටම පවත්වාගෙන යන බව ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේය.








