
ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන කඳවුරේ සිටින තවත් ශ්‍රී ලාංකික සරණාගතයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
තමිල්නාඩුවේ අනාථ කඳවුරකදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියක් දූෂණය කර මරා දමා තිබෙන බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.
බටහිර තමිල්නාඩුවේ නාමක්කල්හි මෙට්ටුපට්ටි කඳවුරේදී මෙම අපරාධය සිදුවී තිබෙන බවයි, චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය බීබීසී සංදේශයට පැවසුවේ.
මේ ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන කඳවුරේ සිටින තවත් ශ්‍රී ලාංකික සරණාගතයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි තමිල්නාඩු පොලිසිය පවසයි.
පසුගිය ඉරිදා සිට ආගිය අතක් නොමැති දැරියගේ මළසිරුර එදින සවස් භාගයේ හමු වූ බවයි මෙට්ටුපට්ටි කඳවුරු මූලික ආර් විස්වනාතන් ප්‍රකාශ කළේ.








