ලංකාවේ සුළු ජාතීන්ට එල්ලවන තර්ජන ගැන තමිල්නාඩුවේ උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 10 අඟහරුවාදා - 12:36 GMT
Chennai demo

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අමෙරිකාවෙන් ඉල්ලා සිටියහ

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට සහ සුළු ජාතික ආගමික සිද්ධස්ථානවලට එල්ලවන තර්ජන සවිස්තරව සඳහන් කරමින් පාප් වහන්සේට දැනටමත් ලිපියක් යවා තිබෙන බව තමිල්නාඩුවේ ආගමික නායකයෝ පවසති.

තමිල්නාඩු රදගුරු සම්මේලනයේ සභාපති AM චින්නප්පා අගරදගුරු තුමා ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට සහ සුළු ජාතික ආගමික සිද්ධස්ථානවලට එල්ලවන තර්ජන හෙලාදකිමින් චෙන්නායි අගනුවර පැවති විරෝධතා රැස්වීමක් අමතමින්.

මෑතදී ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ගේ ආගමික සිද්ධස්ථානවලට එල්ලවූ තර්ජන මෙමෙ උද්ඝෝෂණයට සහභාගී වී සිටි කතෝලික, හින්දු සහ මුස්ලිම් ඇතුළු ආගමික නායකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ඉක්මනින් විසඳන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරන ලෙස ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි උද්ඝෝෂකයෝ ඒ සඳහා මැදිහත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ.

මදුරාසියේ මයිලපූර් දියෝකීසියේ අගරගුරු AM චින්නප්පා මෙම විරෝධතා රැස්වීමේ මුලසුන ඉසිලූහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.