ඉන්දියාව තුළ සිදු කෙරෙන හමුදා පුහුණු වැඩසටහනට බාධාවක් නැහැ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 7 සෙනසුරාදා - 17:00 GMT

දකුණු ඉන්දියාවේ පුහුණු වැඩ සටහණකට යොමු කරනු ලැබ සිටි තම ගුවන් හමුදා භටයන් කණ්ඩායම ආපසු ගෙන්වා ගත් බවට පළවෙමින් ඇති වාර්තා බැහැර කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, එම භටයන් ඉන්දියාවේම වෙනත් ස්ථානයක පුහුණුව ලබමින් ඇතැයි ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ හමුදා භටයන්ට ඉන්දියාවේදී පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පල කරන තමිල්නාඩු මහා ඇමතිනී ,ජෙයලලිතා ජෙයරාම් ඇතුළු දේශපාලනඥයන් කණ්ඩායමක් කියා තිබුනේ එවැනි පුහුණුවක් ඉන්දියාවේ කිසිදු තැනක ලබා නොදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති නිවේදනයක දැක්වෙන්නේ ඉන්දියාව තුළ සිදු කෙරෙන හමුදා පුහුණු වැඩ සටහණ කිසිදු අවහිරයකින් තොරව පෙරට යමින් ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ සුප්‍රකට ගායකයකු වන හරිහරන් ශ්‍රී ලංකාවේ සහභාගී වීමට නියමිතව තිබුන සංදර්ශනයක් අවලංගුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ගීත ප්‍රසංගයකට එකඟ වීම සම්බන්ධයෙන් ඔහුට දුරකථන අනතුරු ඇඟවීම් ලැබෙමින් ඇති බව හරිහරන් විද්‍යුත් තැපෑලෙන් ප්‍රසංග සංවිධායකයන්ට දැනුම් දී ඇතැයි, ප්‍රසංගය සංවිධානය කළ ලකී ඒසියා සමාගමේ ප්‍රකාශකයකු වන ආනන්ද රාජා BBC යට පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.