මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තේ යල් පැනගිය නීති යටතේ - විත්තියේ නීතිඥ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 30 සෙනසුරාදා - 17:49 GMT

ලංකා මිරර් වෙබ් අඩවියේ මාධ්‍ය වේදීන් අත්අඩංගුවට ගෙන ඈත්තේ යල් පැනගිය නීතියක් යටතේ යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි.

ඔහු සංදේශයට පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 115, 118, 120 යන වගන්ති යටතේ මාධ්‍ය වේදීන් අත්අඩංගුවට ගත් බවට බී වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කොට තිබූ බවයි.

කරුණු පැහැදිලිකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අට දෙනා ඇප මත නිදහස් කළ බව විත්තියේ නීතිඥ සාලිය පීරිස් පැවසුවේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය පැවසුවේ රජයට එරෙහිව මහජනයා කුපිත වන ආකාරයේ ප්‍රවෘර්ති පළකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මේ වනවිට මහජන කැළඹිලි ඇතිවී තිබේදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූ බවත් විත්තියේ නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 118 වැනි වගන්තිය මීට වසර 10 ට පෙර පාර්ලිමේන්තුව විසින් ඉවත් කළ එකක් බව විත්තියේ නීතිඥ සාලිය පීරිස් පැවසුවේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසුවේ ඊළඟ පියවරේදී පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට අවධානය යොමුව තිබෙන බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.