උතුරේ ජනතාවට පළාත් සභා නැත්තේ ඇයි?- රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 28 බ්‍රහස්පතින්දා - 18:59 GMT

උතුරට ගිය රනිල් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්තන්

ජාතික ප්‍රශ්නය විසදීමේ පියවරක් ලෙස හඳුන්වා දුන් පළාත් සභාවලින් ප්‍රතිලාභ අත්විය යුතු උතුරේ ජනතාවට එම ප්‍රතිලාභ ලබා ගතහැකි ඉඩ අහුරා දමා ඇති බවට ඒකාබද්ධ විපක්ෂය රජයට චෝදනා එල්ල කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ උතුරේ මැතිවරණ පැවැත්වීමට ඉඩ නොදුන් ප්‍රභාකරන් සහ රජය අතර මේ සම්බධයෙන් ඇති වෙනසක් නැති බවයි

"උතුරේ ජනතාවට තමන් කැමති පළාත් සභාවක් තෝරා ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. එතකොට කොටි සංවිධානයෙයි ආණ්ඩුවෙයි තියෙන වෙනස මොකද්දැයි ? විපක්ෂ නායකයා ප්‍රශ්න කළේය.

දෙමළ ජනතාවගේ ස්ව පාලනය වෙනුවෙන් පළාත් සභා ස්ථාපිත කළත් දැන් ඒ අරමුණ ඉටු නොවන බව නව වාමාංශික පෙරමුණේ නායක ආචර්ය වික්‍රමබාහු කරුනාරත්න කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක මනෝ ගනේෂන් කියා සිටියේ උතුරේ පළාත් සභා මැතිවරණ පළාත් සභා මැතිවරණ රජය ඉදිරිපත් කරන හේතු යුක්ති සහගත නොවන බවයි.

මේ වන විට උතුරේ ජනාධිපතිවරනයක් සහ මහා මැතිවරණයක් පවත්වා ඇති හෙයින් පළාත් සභා මැතිවරණ පළාත් සභා මැතිවරණ කල් දැමීමට හේතුවක් නැති බව මනෝ ගනේෂන් කියා සිටියේය.

අඩු පාඩු නැති පළාත් සභා මැතිවරණයක්

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම, ඡන්ද නම ලේඛන ලැයිස්තු සැකසීම ඇතුළු තවත් නොවිසඳුණු ප්‍රශ්න කිහිපයක් තිබෙන බවයි රජය ප්‍රකාශ කළේ.

ඉකුත් මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය උතුරේ පැවැත්වුවද එම මැතිවරණ පැවැත්වීමේදී අඩු පාඩු රැසක් සිදුවී ඇති බව කියා සිටි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එම තත්වයන් ඇතිවීමට අවකාශ ඇති නොවන සේ උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තුවන බව මාධ්‍ය කරුවන් අමතා පැවසුවේය.

ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඇමතිවරයා දේශපාලන වාසි අපේක්ෂා නොකරමින් මැතිවරණ පවත්වන්නේ නැති බව පිළිගත්තේය

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.