සංදේශය වෙබ් අඩවිය නව නිමාවකින්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 1 අඟහරුවාදා - 13:09 GMT
සංදේශය වෙබ් අඩවිය නවමු නිමාවකින්

සංදේශය වෙබ් අඩවිය අද පටන් නවමු නිමාවකින්

මෙවක් පටන් නව නිමාවකින් එලි දැක්වෙන බීබීසී සිංහල සේවයේ වෙබ් අඩවිය මගින් සංදේශයේ ඔබ සිත්ගත් වැඩසටහන් බෙදා හදා ගැනීමටද ඔබට පෙරට වඩා අවස්ථාව සැලසේ.

මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ අප වෙබ් අඩවිය අද පටන් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්වීම ප්‍රධානම වෙනසයි.

භාෂා දෙකෙන්ම එය ප්‍රකාශයට පත්කිරීමට නොහැකිවීම ගැන අපි කණගාටු වන්නෙමු.

බීබීසී සිංහල වෙබ් අඩවියේ පුවත් වාර්තා සුපුරුදු පරිදිම ප්‍රකාශයට පත් කෙරෙන අතර, එයට අමතරව දිනපතා විශේෂාංග සහ කෙටි සම්මුඛ සාකච්ඡා වලටද ඔබට පෙරට වඩා පහසුවෙන් සවන් දිය හැකිය.

ඔබට සවන් දීමට නොහැකි වූ සංදේශය වැඩසටහන්වලට පසුව සවන් දීමට මෙතෙක් ඔබට අවස්ථාව නොලැබුණු නමුත්, දින හතක් දක්වා කාලයක් මුළුල්ලේ සංදේශය වැඩසටහන්වලට සවන් දීමට මෙවක් පටන් ඔබට අවස්ථාව සැලසේ.

ඔබට කිසියම් විශේෂාංගයකට සවන් දීමට අවස්ථාව නොලැබුණේ නම්, ඉන් දින කිහිපයකට පසුවත් අලුත් වෙබ් අඩවිය ඔස්සේ එම විශේෂාංගයට සවන් දීමටත් අවස්ථාව සැලසේ.

වඩාත් පුළුල් තිරයක ප්‍රකාශයට පත්කෙරෙන නව අඩවිය පුළුල් තිරයක සේයා රූ ප්‍රදර්ශනය කිරීමටද පහසුකම් සලසයි.

ජංගම දුරකථන මගින්ද ඔබට බීබීසී සිංහල අඩවියට පිවිසිය හැකිය.

මෙතැන ඔබන්න​ 'අප අමතන්න' යොදාගෙන කරුණාකර නව අඩවිය පිලිබඳ ඔබේ අදහස් සහ යෝජනා අපට දන්වා එවන්න.

සංදේශය කාර්ය මණ්ඩලය

New Sandeshaya website

From today the BBC Sinhala website has a new design and layout. We are now offering improved navigation, a modern visual appearance and better ways for you to share content.

Our full range of stories, picture galleries, features and audio is still here, but this content is organised in a more consistent and friendly way.

The site also provides better access to audio material, including live and recorded radio programmes.

The biggest change is that from today, the site will be published in Sinhala. We regret that we will not be able to provide English content.

For the first time, the site will also be available for mobile phones and other hand-held devices.

What's new:

New look: More space for the main stories of the day, audio clips and pictures.

Clear labelling: More prominent labelling and highlighting of different types of content so different types of material can be easily identifiable on any page.

Story pages: The story pages are structured so that those who arrive at the site directly into a story are offered a selection of top content from across the website. Links to other types of content, related strictly to the given story, are now placed within the story body or at the bottom of the pages.

Latest: On the front page, the most recently published stories carry a time stamp indicating that the content is new or has just been refreshed.

Sharing: Links that allow users more quickly and simply to share stories with friends on social networks such as Twitter.

We value your opinions so please use the මෙතැන ඔබන්න​ contact us form to tell us what you think about the new site.

Sandeshaya team

* අනිවාර්යයෙන්ම සම්පූර්ණ කලයුතු අංශ මෙයින් ඇඟවේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.