සංගා සහ අජන්ත ඉන්දියාව පරාජය කරති

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 28 සිකුරාදා - 17:12 GMT

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරඟ දෙකම ජය ගෙන ඉදිරියෙන් සිටී

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ශූරතාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ෆාතුල්ලා හි පැවති තරඟයේදී ඉන්දියාවට තියුණු තරඟයක් දුන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක ජයක් අත් කර ගත්තේය.

හිටපු නායක කුමාර් සංගක්කාර ශතකයක් රැස් කිරීමත් අජන්ත මෙන්ඩිස් කඩුලු හතරක් දවා ගැනීමත් ශූරතාවලියේ සිවු වැනි තරඟයේ කැපී පෙනුන සිදුවීම්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 64ක් රැස් කිරීමත් විශේෂත්වයක්.

අඟහරුවාදා පැවති ආසියානු කුසලානයේ පළමු තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කරමින් ජයග්‍රහණය අත් කර ගත්තේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.