ක්‍රිකට් සභාපතිගේ බෑනා 'බුකිකරුවන්ට තොරතුරු දීලා'

  • 10 පෙබරවාරි 2014
ගුරුනාත් මෙයියප්පන්, චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන පරිපාලකයායි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී නීති විරෝධී බුකි කරුවන්ට තොරතුරු ලබා දුන් බවට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ සභාපති එන් ශ්‍රීනිවාසන් ගේ බෑනා වරදකරු වී තිබේ.

ගුරුනාත් මෙයියප්පන් නීති විරෝධී බුකි කරුවන්ට තොරතුරු ලබා දී ඇති බව හෙළි වූයේ තරඟ පාවා දීමේ චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබූ ත්‍රීපුද්ගල කමිටුව සිදු කළ පරීක්ෂණයේ දී.

පසුගිය ඔක්තෝම්බරයේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද ඉහත කී කමිටුව කියා සිටියේ මේ පිළිබඳව තවදුරටත් විභාග කිරීම අවශ්‍ය බවයි.

තමා කිසිදු වරදක් කර නැති බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන් කියා සිටියේය.

ගුරුනාත් මෙයියප්පන්, අයිපීඑල් කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන පරිපාලකයා යි.