වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා මහේන්ද්‍ර සිං දෝනි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 3 අඟහරුවාදා - 12:49 GMT

වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා දෝනි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දයෙන් තේරී පත් වී සිටී.

ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන් 188,000 කට ආසන්න පිරිසක් ජනප්‍රියම ක්‍රීඩකයා ත්රීමේ තරඟයට සහභාගි වූ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

2010 දී එම සම්මානය මුලින්ම නිවේදනය කළ අවස්ථාවේ, වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් තේරී පත් වූයේ සචින් තෙන්ඩුල්කාර්.

ඉන් අනතුරුව 2011 දී සහ 2012 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මේ අතර, අයිසීසීය විසින් ප්‍රකාශයට පත් කළ වසරේ දක්ෂතම එක් දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනකු තෝරා ගෙන තිබේ.

තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග, මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් එක් දින කණ්ඩායමේ සාමාජිකයන් වන නමුත් වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු තෝරා ගෙන නැත.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.