ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය කථා කිරීම - සංගා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 2 සඳුදා - 13:31 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයන් සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම ඉතා යහපත් ප්‍රවණතාවයක් බව කුමාර් සංගක්කාර පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ක්‍රීඩකයන් සහ ක්‍රීඩා බලධාරීන් අතර මතුවන ගැටළුවලදී සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම හොඳම ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

සංගක්කාර ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මෑතදී තමන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය 'ගර්හා කටයුතු' බව පවසමින් ඔහු කළ චෝදනාව පිළිබඳව ක්‍රිකට් පරිපාලනය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

Kumar Sangakkara

බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡාවේ අවධානය

එළැඹෙන චැම්පියන්ස් ලීග් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන්නේද, නොඑසේනම් ඉන්දීය ක්‍රීඩා සමාජයකට තරඟ වදින්නේද යන්න සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩ මාර්ගයෙන් අදහස් හුවමාරු කරගත් ක්‍රීඩකයා සහ ලේකම්වරයා එකිනෙකාට දැඩිව චෝදනා කර ගෙන තිබුණි.

එහෙත් නිශාන්ත රණතුංගගේද සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස විසින් කැඳවා තිබුණු රැස්වීමේදී මතුවී තිබුණු සියලු කරුණු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත් බව කුමාර් සංගක්කාර සංදේශයට කියා සිටියේය.

'සමාව ඉල්ලීමක්?'

වසර ගණනාවක් මුළුල්ලේ පාලක මණ්ඩලය විසින් තමන්ට කෙනෙහිලිකම් කරන බවට සංගක්කාර සිය ඊමේල් පණිවුඩවල සඳහන් කොට තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් පාලක මණ්ඩලය සමාව ඉලා සිටියේදැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ සමාව ඉල්ලීමකට වඩා එහිදී සිදුවූයේ යලිත් වරක් මෙවැනි ගැටළු මතුවීම වලක්වා ගන්නේ කෙලෙසද යන්න පිළිබඳව දෙපාර්ශවය අතර ඉතා හොඳින් අදහස් හුවමාරු කරගැනීමක් බවයි.

තමාගේ ගැටළු මෙන්ම කණ්ඩායමේ අනෙක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡාවේ අවධානයට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය.

ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරඟාවලියේදී කඳුරට ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිය අතර, තිසර පෙරේරාට විදේශීය ක්‍රීඩා සමාජයකට තරඟ වැදීමට අවසර ලැබීම පිළිබඳව සංදේශය කළ විමසීමකදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර, තිසර පෙරේරා කඳුරට ප්‍රාන්ත පිලේ සාමාජිකයකු නොවන බැවින් එවැනි ප්‍රශ්ණයක් මතු නොවන බව පෙන්වා දුන්නේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.