අයිපීඑල් වෙන්දේසියේදී අජන්ත මෙන්ඩිස් ට ඉහල ඉල්ලුමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 3 ඉරිදා - 15:13 GMT
Ajantha Mendis

ඉරිදා පැවති වෙන්දේසියේදී අජන්ත මෙන්ඩිස් ට වඩා මුදලකට අලෙවි වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පමණයි

එළැඹෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස ඉන්දියාවේ පැවති වෙන්දේසියේදී පූන් වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඩොලර් හත් ලක්ෂ පනස් දහසක මුදලකට මිලදී ගෙන තිබේ.

ඉරිදා පැවති වෙන්දේසියේදී අජන්ත මෙන්ඩිස් ට වඩා මුදලකට අලෙවි වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පමණයි.

තිසර පෙරේරා සහ සචිත්‍ර සේනානායක ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා ද ඉහලම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් අට දෙනා අතර සිටිති.

කෙසේ නමුත්, විස්සයි විස්ස ක්ෂේත්‍රයේ ප්‍රබල දක්ෂතා දක්වන ජීවන් මෙන්ඩිස් ඉතා අඩු මුදලකට අලෙවි වීම පිළිබඳව විචාරකයන් මෙන්ම ලාංකීය ක්‍රීඩාලෝලීන් ද විමතිය පළ කොට තිබුණි.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ මැට් ප්‍රයර් සහ රවි බොපාරා ක්‍රීඩකයන් ට කිසිදු ලන්සුවක් ඉදිරිපත් වී නොමැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.