අපටත් සමානයන් සේ සලකන්න - දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 26 බදාදා - 12:06 GMT

ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව පවසන්නීය.

මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez ) ඒ අදහස පළ කළේ අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩිකාවන්ට සහ පුරුෂයන්ට සපයන පහසුකම් පිළිබඳව එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් පළකොට තිබූ අදහස් පිළිබඳව බීබීසී සංදේශය ඇගේ මතය විමසූ අවස්ථාවේදී.

ගුවන් යානයේ අඩු මිල ආසන

විශේෂයෙන්ම ක්‍රීඩකයෙකුගේ දිනෙක වියදම් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 61 ක් වෙන්කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩිකාවන් සඳහා ලබා දෙන්නේ පවුම් 37 ක මුදලක් පමණ බව බීබීසී ක්‍රීඩා වෙබ් අඩවිය පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස්

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස්

එමෙන්ම ක්‍රීඩකයන්ට ව්‍යාපාරික පන්තියේ ආසනවල ශ්‍රී ලංකාවට ලඟා වෙද්දී ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය පන්තියේ ආසන වෙනකොට තිබූ බව බීබීසීයේ ඇලිසන් මිචල් වාර්තා කරයි.

මේ තත්ත්වය ඉතා ඉක්මනින්ම වෙනස් කිරීමට අයිසීසීය ක්‍රියාකරනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව එංගලන්ත කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පවසා තිබිණ.
එමෙන්ම තරඟ ජයග්‍රාහකයන්ට පිදෙන ත්‍යාග මුදල් අතරද විශාල වෙනසක් තිබේ.

සල්ලි ගේන්නේ පුරුෂයන්

මේ තත්ත්වය වෙනස් වනු දැකීම තම අභිප්‍රාය බවයි, දකුණු අප්‍රිකානු පිලේ නායිකාව මිග්නන් ඩු ප්රීස් කියා සිටියේ.
"අපි ඔක්කොම කැමතියි අපිටත් ක්‍රීඩකයන්ට හා සමානව සලකනවා දකින්න නමුත් අවාසනාවකට යථාර්ථය ඒක නෙවෙයි. කෙනෙක් කියල තිබුන වැඩිය සල්ලි ගේන්නේ පුරුෂයන් කියල. නමුත් අපිටත් අවස්තාවක් ලැබෙනවා නම් අපිටත් පුළුවන් පෙන්නලා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා," ඇය සඳහන් කළාය.

"කෙනෙක් කියල තිබුන වැඩිය සල්ලි ගේන්නේ පුරුෂයන් කියල. නමුත් අපිටත් අවස්තාවක් ලැබෙනවා නම් අපිටත් පුළුවන් පෙන්නලා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා"

ඇය එම අදහස් පළ කළේ සමාරම්භක තරඟය ජයග්‍රහණය කොට ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂා සපුරමින් කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු සුන් කරමින් දකුණු අප්‍රිකාව එම තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා කාන්තා පිල සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත්වූයේ ලකුණු 79 ක් පමණයි.

"ඇත්තටම අපේ ක්‍රීඩාව ගැන දැනගන්න ජනතාවට අවස්ථාවක් ලැබෙනවා නම් ඔවුන් මීට වඩා අපේ තරඟ බලන්න ඒවි නමුත් එහෙම දැනගන්න ඔවුන්ට අවස්තාවක් නෑ," මිග්නන් ඩු ප්රීස් තවදුරටත් කියා සිටියාය.
මේ පිළිබඳව සංදේශය අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් කළ විමසීමට මේ තාක් පිළිතුරක් ලැබී නැහැ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.