ඔලිම්පික් ගිනි සිළුව රැගෙන දිවීම 'ආඩම්බරයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 8 ඉරිදා - 16:44 GMT
Dilshan Senanayake carrying the flame

'මට නෑ කියල කියන්න බෑ ඒත් ගිනිසිළුව රැගෙන යන්න මීට කලින් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් ලැබුන කියල මම අහල නෑ'

ලන්ඩන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා ධජයද රැගෙන ඔලිම්පික් ගිනි සිළුව ගෙනයාමට අවස්ථාවක් ලැබීම තමන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් බව ඩිල්ශාන් සේනානායක පවසයි.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ශයර් පළාතේ හන්ටින්ග්ඩන් ප්‍රදේශයේදී ගිනි සිළුව රැගෙන දිවීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ඩිල්ශාන් ඒ සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම පිළිබඳව ඔහු සේවය කරන ජෝන් ලුවිස් ආයතනයට ස්තුතිය පළ කළේය.

ඔහු ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම සඳහා තෝරාගෙන තිබෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට එම අවස්ථාව හිමිවූ පළමු වතාව මෙය ලෙස සැලකේ.

"මට නෑ කියල කියන්න බෑ ඒත් ගිනිසිළුව රැගෙන යන්න මීට කලින් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් ලැබුන කියල මම අහල නෑ," ඔහු පවසයි.

මාස හයක කාලයක් සඳහා සේවා ස්ථානයෙන් නිවාඩු ලැබීමෙන් අනතුරුව ඩිල්ශාන් සේනානායක වර්තමානයේ ලන්ඩන් ඔලිම්පික් සංවිධායක කමිටුවට අනුබද්ධව සේවය කරයි.

ඔලිම්පික් උළෙල පැවැත්වෙන සමයේදී ඔලිම්පික් ගම්මානයේ සේවය කිරීමට ලැබීමත් තම භාග්‍යයක් බව පවසන ඔහු, එහිදී ලන්ඩන් උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ට හැකි අයුරින් සහාය දීමට බලාපොරොත්තු වන බවද සංදේශයට පැවසීය.

ඔලිම්පික් උළෙල ලබන ජූලි 27 වෙනිදා ලන්ඩනයේදී ආරම්භවීමට නියමිතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.