රාජ්‍ය නොවන සංවිධාන පාලනයට නීති?

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 19 අඟහරුවාදා - 17:43 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියාමන ක්‍රම වේදයක් සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

රාජ්‍ය නොවන සංවිධාන පාලනයට නීති?

00:03:55

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියාමන ක්‍රම වේදයක් සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කරයි.

මෑතකදී මරදාන, සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සහ අතුරු දහන්වූවන් එක්ව පැවැත්වූ රැස්වීමකට බාධා පැමිණුන අතර එයින් පසුවයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව මත භේද පැන නැගුණේ .

ඕනෑම නීතියක්

එම රැස්වීමට එක්ව සිටි අතුරු දහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ජී.එල්.පීරිස් අමාත්‍යවරයා කරන ප්‍රකාශය ට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ රජයට ඕනෑම නීතියක් සම්මත කර ගැනීමේ හැකියාව ඇති බවයි.

“හැම එකටම සිග්නල් කණු වගේ අත උස්සන මන්ත්‍රීවරු රාශියක් ඉද්දි ඒ අය ඕනෑම නීතියක් රීතියක් පනවා ගැනීමේ අපහසුවක් නැහැ ” යනුවෙන් කියා සිටි ඔහු පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට ද රජයට නීති රීති ගෙන ඒම අපහසු කරුණක් නොවන බවයි.

රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට එරෙහි සාකච්ඡාවකට එක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු

එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් සිදු කරන කටයුතු කුමන නීති රීති ගෙන ආවත් කුමන දඬුවම් ලබා දුන්නත් කිසිම රජයකට නැවත් වීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා නීති රීති හඳුන්වා දෙන බව ප්‍රකාශ කොට ඇත්තේ අතුරුදහන්වුවන් පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ කමිටුවට රාජ්‍ය නොවන සංවිධාන විසින් තොරතුරු ලබා දෙන බවට චෝදනා එල්ලවී ඇති අවස්ථාවකදීයි.

මෑතකදී පාකිස්තාන් සරණාගතයන් පිටුවහල් කිරීම ගැන සාකච්ඡාවක් මතුවූ බව පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ඊට අදාළ ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දීම් කරන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවන අතුරුදහන්වීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බලන කමිටුවට තම සංවිධානය වාර්තා කරන බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරයා

1989 දකුණේ අතුරුදහන් කරවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බලන කමිටුව වෙත අදාළ ලියකියවිලි යවන ලද්දේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත බව මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයාට මතක්කරදීමට කැමති බව අතුරු දහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු තවදුරටත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.